Language Switcher

V2025

රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිතියෙන් රතු එළියක්

මෙවර අයවැය තුළින් රාජ්‍ය නිලධාරීන් නොසලකා හැරීමට විරෝධය පළකරමින් ලබන 29 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක  සඳහන් කළේ, සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස පසුගිය 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

එම නිසා ලබන 28 වන දිනට පෙර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කළමණාකරණ සේවා නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී, කාර්යාල ක්ෂේත්‍ර නිලධාරී, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක යන නිලධාරීන් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වනු ඇති බව ප්‍රදීප් බස්නායක  සඳහන් කළේය.