මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ - එස්.බී.

මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ - එස්.බී.

වත්මන් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා තමා බවත් කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව තුළ තමාට කිසිදු තැනක් ලබා දී නොමැති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක  පවසයි.

පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමා දැඩි කළකිරීමෙන් හා දුකෙන් කාලය ගත කරන බවත් දිසානායක  සඳහන් කරයි.

පරාක්‍රමභාහු රජුට පසුව රට සහලින් ස්වයංපෝෂිත කළේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස තමා බවත්, එවැනි සේවයක් සිදුකළ තමා පසුපෙළට දමා තිබෙන බවත් ඔහු පවසා සිටී.

එස්.බී. දිසානායක  මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු වී නොමැති නිසා ජනතාව දැඩි කළකිරීමෙන් පසුවන බව පෙන්වා දෙන දිසානායක පවසන්නේ ජනතාව දිනා ගැනීම සඳහා කඩිනමින් පියවර ගතයුතු බවයි.

රටක් සංවර්ධනය කිරීමට නම් විදෙස් ආයෝජකයන් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත් රටේ ඉඩම් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම වැරැද්දක් නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

අද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් දියුණු වී තිබෙන්නේ රටේ සම්පත් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම හරහා බවත් ඔහු පෙන්වා දෙයි.

LNW

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න