Language Switcher

Ad

Ad 01

V2025

පාදෙණියට අධිකරණ වාරණයක් : වෘත්තීය සමිතිය අහිමි වෙයි !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් විශේෂඥ ​වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව මොරටුව දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

එකී තහනම් නියෝගයට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සහ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වයද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවීමටද මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක තීරණය කර ඇත.

අදාළ අධිකරණ නියෝගය අනුව සාමාජික මුදල් රැස්කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිත කිරීම හෝ සංගමයේ නමින් පෙනී සිටීමද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසට තහනම් කර තිබේ.

වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගොනුකර තිබූ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මොරටුව දිසා අධිකරණය එම තහනම් නියෝග නිකුත් කර තිබිණි.