සීනි කිරි පිටි නඩේ ගේමක් ගැන අනාවරණයක් !

සීනි කිරි පිටි නඩේ ගේමක් ගැන අනාවරණයක් !

රට තුළ දැවැන්ත විදෙස් මුදල් සංචිත හිඟයක් පවතින අවස්ථාවක ජාවාරම්කාර සීනි කිරි පිටි ආනයනයකරුවන් රජයට බලපෑම් කර මහ බැංකුවෙන් ඩොලර් නිදහස් කර ගන්නා බව කර්මාන්තකරුවෝ පවසති.

ඔවුහු වැඩිදුරටත් පවසන්නේ බොහෝ කළක සිට උන්ඩියාල් සහ හවාල් නම් නීති විරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මුදල් මෙරටට එවනු ලබන අතර එමගින් රටට අහිමි වන විදෙස් මුදල් ප්‍රමාණය මෙරටට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක් බවයි.

එහෙත් ඔවුන්ගේ ගණන් බැලීමේ හැටියට 2020 සහ 2021 වසරවල ඔක්තෝබර් මාස දක්වා සැසඳීමේදී නීතිවිරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීමෙන් අහිමි වී ඇති විදෙස් මුදල් ප්‍රමානය රට තුලට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමානයෙන් 50%ක් පමණ හෙවත් ඩොලර් මිලියන 1224.1ක් වැනි ඉහළ අගයක් වන්නේය.

lanka lead

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න