Language Switcher

Ad

Ad 01

V2025

ඔමික්‍රෝන් ආසාදිතයා ගැන අපි දැනුවත් නැහැ - PHI සංගමය

මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ  සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03) දිනයේ හමුවූ බවය.

"අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඒ ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවකගේ PCR සහ ඇයගේ ආශ්‍රිතයින්ගේ PCR කරලා එවන්න කියලා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දැනුම්දීලා තිබුණා. ඒ මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බලප්‍රදේශයට අයත් නිවසකින්. අපි ඒක යවලා තියෙනවා."

"මේ කියන කාන්තාව පසුගිය 24 වනදා නයිජීරියාවේ සමුළුවකට සහභාගී වෙලා ඇයගේ ස්වාමි පුරුෂයාත් එක්ක තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ."