බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවිය .

ඒ, අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේදීය.

තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයින් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා එහිදී සඳහන් කර තිබේ .

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බවය.

කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායකතුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරනු ලැබුවේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න