විපක්ෂය අමාරුවේ : රනිල්ගෙන් ආණ්ඩුවට හුස්මක් !

විපක්ෂය අමාරුවේ : රනිල්ගෙන් ආණ්ඩුවට හුස්මක් !

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ (එජාප) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන පක්ෂ නායක කමිටුව පාර්ලිමේන්තු වාර අවසානයත් සමඟ අහෝසි වී ඇති හෙයින් ඉහත කල් තැබීමේ විවාදය ජනවාරි 19, 20 හෝ 21 දින වලින් එකක දී පැවැත්වීම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන්ව ඇති බව ලංකාදීප පුවතක් අනාවරණය කර ඇත.

ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 03 වැනි දින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ දුරකථනයෙන් කතා කළ බව කියන රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පසුව ඊට අදාළව මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස පැවත ගෙන එන බව ද සිහිපත් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ හරහා බෙදී පුපුරා ඇති ආණ්ඩුවට ඔක්සිජන් සැපයීමක් සිදුවන බවයි.

මේ හරහා යළිත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය 20 සංශෝධනය සහ පසුගිය අයවැය අවස්ථාව මෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් වීමේ වැඩි සම්භාවිතයක් ඇති බවත් ඔවුන් පවසයි.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ හරහා දේශපාලන වශයෙන් දුර්වල වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුවේ අර්බුදය විපක්ෂයේ බෙදීම විසින් සමනය කරදීමක් පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න