කැබිනට් මණ්ඩල සංශෝධනයක් සමග රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඉවත්කර අලුතින්ම පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සමයේ දේශපාලන කරළියේ පැතිරගිය පුවතක් විය.
කෙසේ වුවත් ඊට පෙර මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, එම අමාත්‍යංශය යටතේ පවතින සියළු ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.
මග නැගුම, මාර්ග සංවර්ධන අධිකාරිය, යන්ත්‍රෝපකරණ සමාගම, අධිවේගී මාර්ග ප‍්‍රවාහන සමාගම් යනා දී වශයෙන් මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළුම ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමාත්‍යවරයාගේ නියෝගයෙන් මෙසේ ඉවත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
