Age Group World Major Marathon Championship තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී මැයි 24 දින පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ ගාමිණි සුගතදාස වයස 55- 59 කාණ්ඩයේ තරගය සදහා සහභාගී වීමට නියමිතව ඇත.
ඔහු 2026 වසරේ Abbott World Marathon Majors මැරතන් තරගාවලියේ අවසන් වු ටෝකියෝ, බොස්ටන්, ලන්ඩන් තරගවල ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයේ පසු වීම විශේෂත්වයකි. එමෙන් ම මැයි 24 වන දින පැවත්වෙන තරගයේ 55- 59 වයස් කාණ්ඩයේ කේප්ටවුන් මැරතන් තරගයට සහභාගී වන හතරවන වේගවත් ම ධාවකයා ලෙස ද ගාමිණි සුගතදාස මෙම තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.
මෙම තරගයේ ඔහු සහභාගී වන වයස් කාණ්ඩයේ 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වේ. තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කාල පරිසාධන මට්ටම් සහ මෙම වසරේ දැනට අවසන් වූ ටෝකියෝ, බොස්ටන්, ලන්ඩන් Abbott World Marathon Majors තරගවල දක්ශතා දැක්වූ අයට පමණක් මෙම තරගය සඳහා සහභාගී විය හැකි ය.
සෑම වසරකම මෙම Age Group World Major Marathon Championship තරගය පැවත්වේ. 2027 වසරේ සිට Abbott World Marathon Majors මැරතරන් තරගාවලිය සඳහා ද මෙම දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් මැරතන් තරගය ප්‍රධාන මැරතන් තරග අතරට පැමිනෙණ අලුත් සාමාජිකයා ද වේ.

සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
