''කෘෂිකර්මය මරණ මංචකයේ''

''කෘෂිකර්මය මරණ මංචකයේ''

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවත් සමස්ත කෘෂිකර්මාන්තයේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතකට එළඹ සිටින මේ මොහොතේ මුළු මහත් ලාංකීය ගොවි ජනතාව නියෝජනය කරමින් මුළුදෙන මෙම ගොවි ජාතික සමුළුව ලාංකීය ගොවි ජනතාව පක්‍ෂ,පාට,ජාති,ආගම්,කුල,භේද කිසිවක් නොසලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩනැඟෙන්නක් බව පසුගියදා (10) පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.

දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුලු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න පැවැසීය.

අද දින මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ ආණ්ඩුව විසින් නිර්මාණය කල පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම, ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම, වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම, කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම බව ඔහු එහිදී පැවසීය. 

image cca671f1e5

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න