තෙල් තියෙන්නේ දවස් 03කට විතරයි - විදුලි ඇමති

තෙල් තියෙන්නේ දවස් 03කට විතරයි - විදුලි ඇමති

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ  පවසයි.

හෙට දිනයේ දී ඒ සඳහා IOC සමාගම සමඟ සාකච්ජා ආරම්භ කරන ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇති අතර අවශ්‍ය නම් තමන්ද ඊට සහභාගී වන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව 22 වෙනිදා දක්වා කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා තෙල් සොයා ගත යුතුව ඇති බව ඔහු පවසයි.

එමෙන්ම කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම ලබා දීමට උපරිම උත්සහ කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න