IMF නිසා : ආණ්ඩුවේ ඊළඟ ගෝරිය බැසිල් සහ කබ්‍රාල් අතර !

 IMF නිසා  : ආණ්ඩුවේ ඊළඟ ගෝරිය බැසිල් සහ කබ්‍රාල් අතර !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

එහිදී මහ බැංකු අධිපති පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සඳහන් කළ බව මුදල් අමාත්‍යවරයා පවසා ඇති බවයි.

මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති සාරව මූල්‍ය ඒකක සඳහා තාක්ෂණික වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවත් වෙන කිසිවක් මෙහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩකිරීම සම්බන්ධයෙන් පරස්පර අදහසක සිටින බව මේ හරහා පෙන්නුම් කරන බවයි.

පසුගිය කාලයක් තිස්සේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවතින මූල්‍ය අර්බුදය සමනය කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීම ප්‍රතිකේෂ්ප කළ ස්ථාවරයේ සිටි බවත් නමුත් ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය නියෝජනය කරන පිරිස දිගින් දිගටම IMF යාම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ බවත් ඔවුන් පෙන්වා දෙයි.

තවද රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන මුදල් අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ මහ බැංකු අධිපති විසින් යළි අර්ථකථනය කිරීම මුදල් අමාත්‍යවරයාව අභියෝගයට ලක්වීමක් ලෙසත් අවධාරණය කරන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ ඒ හරහා පිළිඹිබු වන්නේ මෙරටට ආර්ථික කටයුතු සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් පෙන්වා දෙයි.

මේ තත්ත්වය දිගටම පැවතීම තුළ ඊළඟ අර්බුදය මුදල් ඇමති සහ මහ බැංකු අධිපති අතර හටගනු ඇති බවත් , ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න