නිදහස් දා කාදිනල් හිමි CCDයට

නිදහස් දා කාදිනල් හිමි CCDයට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහාය.

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ කාලබෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවා සිටී.

කාදිනල් හිමියන් එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් ඒ අවට සිටින ආකාරයක් ද දක්නට ලැබුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ,

"මුනි කියන මේ මහත්මයා තමයි එදා දේවස්ථානයේ බෝම්බය සොයා ගත්තේ. වෙන්න ගිය විනාශය නවත්වන්න කටයුතු කළේ ඔහු. ඉතින් ඒ පුද්ගලයා පිළිබඳව කාදිනල් හිමියන්ට ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ඔහුවත් නිදහස් කරයි කියලා."

"අපිට විශාල සැකයක් පවතිනවා.. මේ අත්බෝම්බය යම් පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නෙමෙයි කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියලා."

"පාස්කු ප්‍රහාරයට දින 1,000ක් සපිරෙන මොහොතේ ජනවාරි 14 වනදා තිබුණු යාච්ඤා මෙහෙයට යම් බාධාවක් කරමින් ජනතාව බියගැන්වීමට හෝ පාස්කු ප්‍රහාරය යට ගහන්නට උත්සාහ කරන අය කළාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න