ජවිපෙ ආණ්ඩුවට ඩොලර් එන්නේ මෙහෙම : පළමු ඩොලර් මිලියනය කැනඩාවෙන් !

ජවිපෙ ආණ්ඩුවට ඩොලර් එන්නේ මෙහෙම : පළමු ඩොලර් මිලියනය කැනඩාවෙන් !

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ පළමු ඩොලර් මිලියනය කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ලබාදෙන්නට පොරොන්දු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

එම මුදල වසර හතරක් යනතුරු ආපසු ගෙවීමක් අවශ්‍ය නැති බවත් වසර හතරකින් ආපසු ගැනීමේදී පොලියක් බලාපොරොත්තු නොවන බවත් එම පුද්ගලයා පැවසූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ ඒ ආකාරයෙන් ඩොලර් ලබාදී උදව් කිරීමට ලොව පුරා විදේශගත ශ්‍රී ලාංකිකයන් රැසක් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පල කරන ලදී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න