මන්ත්‍රී 08ක් අනවසරයෙන් නිල නිවාසවල : දඩ ගෙවන්න නැත්නම් නඩු !

මන්ත්‍රී 08ක් අනවසරයෙන් නිල නිවාසවල : දඩ ගෙවන්න නැත්නම් නඩු !

අනවසරයෙන් නිල නිවාසවල රැදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට ඊට අදාළ දඩ මුදල් ගෙවීමට පාර්ලිමේන්තු පාලනාධිකාරිය දන්වා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්ව, මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් නොවූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු නිවාසවලින් ඉවත් වනතුරු ගෙවිය යුතු දඩ මුදල් මෙතෙක් ගෙවා නොමැත.

ඊට අමතරව ජල සහ විදුලිය බිල්පත් ද, කඩිනමින් ගෙවා අවසන් කරන්නැයි, පාර්ලිමේන්තුව දෙවන වරටත් දැනුම් දුන් බවත් වාර්තා වෙයි.

එම සිහිකැඳවීම් පැහැර හරිනු ලබන්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවනු ඇති බවත් දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

නිල නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා අනවසරයෙන් නිවාසවල රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500 ක් බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න