රනිල් අලි ගමට එවයි : ක්‍රියාන්විතය සූදානම් !

රනිල් අලි ගමට එවයි : ක්‍රියාන්විතය සූදානම් !

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානම් බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් අනුයුක්ත කිරීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් වගකීම් ගෙන පක්ෂ දේශපාලන කටයුතු මෙහෙය වීමට නියමිතය.

අදාල දේශපාලන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාරට සතිපතා වාර්තා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න