පුෂ්පිකා ඇයි පොලිසියට නාවේ ?

පුෂ්පිකා ඇයි පොලිසියට නාවේ ?

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසටගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට කැඳවීමක් කර තිබුණ ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවී ඇති බවත් වාර්තා වෙයි.

අනතුරුව එම නීතිඥවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා ඇති බව ලංකාදීප පුවතක සඳහන් වෙයි.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වාට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

චන්දිමාල් ජයසිංහට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ඇය සහභාගි වන බැවින් අද දින පොලිසියට නොපැමිණෙණ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා.

චමුදිතගේ නිවසට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 32 කින් පමණ මේ වන ට ප්‍රකාශ ලබාගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න