විදුලි කප්පාදුව සිදුකරන කාලය ක්‍රමයෙන් දීර්ඝ වන බවක් පෙන්නුම් කරයි.
ඒ අද (25) පැය 5කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලලබාදීම සමගය.
මේ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වීමට නියමිතය.
එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 ක් බවත් වාර්තා වෙයි.
මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
