Language Switcher

V2025

දිලිත්ගේ පත්තරේ කිව්වට : ජනාධිපති කිව්වේ නෑලු !

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට එකී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවට පළවෙන වාර්තා ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිකේෂ්ප කරයි.

ඒ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇත.
ඉංග්‍රීසි පුවත්පතක පළ වූ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ජාවලදී මූල්‍ය කරුණු හැර නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ජා නොකළ බවය.

එමෙන්ම වත්මන් මහබැකු අධිපතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට පූර්ණ විශ්වාසයක් ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් වන පුවත වාර්තා කළ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන්නේ දෙරණ මාධ්‍ය ජාලයට අයත් " ද මෝනින්" පුවත්පත යි. දෙරණ මාධ්‍ය ජාලය කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ට අයත් අතර ඔහු ජනාධිපති ගේ සමීපතමයකු ලෙසත් ප්‍රකටය.