ජුනි මාසයේ පුංචි ජන්දය : බැසිල් 2024 ට සූදානම් වෙමින් මැයි දින වැඩ අල්ලයි !

ජුනි මාසයේ පුංචි ජන්දය : බැසිල් 2024 ට සූදානම් වෙමින් මැයි දින  වැඩ අල්ලයි !

එළැඹෙන ජුනි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජුනි මාසයේ හෝ ඒ ආසන්නයේ පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් පාක්ෂිකයින් ධෛර්යයමත් කිරීමට මැයි දින රැලිය උපරිම ජන සහභාගිත්වයක් ඇතිව පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඒ වෙනුවෙන් මේ වන විට මැයි 1 වනදා යෝධ ජන රැළියක් ගෝල්ෆේස් පිටියේ පැවැත්වීමටත් කටයුතු සූදානම් වෙමින් පවතී.

ඒ වෙනුවෙන් දැනටමත් ගෝල්ෆේස් පිටිය පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් වෙන්කරගෙන ඇති බවත් වාර්තා සඳහන් කරයි.

එසේම මේ වන විට පළාත් පාලන ආයතන ඉලක්ක කර ප්‍රාදේශීය සංවර්ධන , මංමාවත් සහ හෝම් ෂොප් වැනි කටයුතු කඩිනම් කිරීමට උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

මෙවර මේ කටයුතුවල සියලු මෙහෙයුම් කටයුතු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ 2024 පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය බැසිල් රාජපක්ෂ වෙත ගැනීමට නියමිත නිසා බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න