කබ්‍රාල් බැසිල් හමුවේ දන ගහයි : IMF යාම අකමැත්තෙන් පිළිගනියි !

කබ්‍රාල් බැසිල් හමුවේ දන ගහයි : IMF යාම අකමැත්තෙන්  පිළිගනියි !

පවතින උග්‍ර මූල්‍ය - ආර්ථික අර්බුදය සමනය කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අතර පැවති සීතල යුද්ධය අවසන්ව ඇති බවත් අවසානයේ මහ බැංකු අධිපති මුදල් ඇමති හමුවේ දනගසා ඇති බවත් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසයි.

ඔවුන් මේ නිරීක්ෂණය ඉදිරිපත් කරන්නේ ,පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇති බවට පළවෙන වාර්තා පදනම් කරගෙන ය.

මේ වන විට IMF සමග ක්‍රියාත්මක වියයුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කරන ලැබ ඇති බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙතින් මාධ්‍ය කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ , පවතින තත්වය යටතේ අකමැත්තෙන් හෝ එම තීරණයට යෑමට සිදුවන බවයි.

පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළ බවත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් රටට අත්වන වාසි සහ අවාසි තත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව පැවසූ මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳවූ පැහැදිලි ස්ථාවරය ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි කළ බවද ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න