බොරු වැඩක් කියා : විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනයක !

බොරු වැඩක් කියා : විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනයක !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා(23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ වෙනුවට ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයන් දෙදෙනකු පමණක් සර්ව පක්ෂයේ සමුළුවට යැවීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ ඊට සහභාගි වනු ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.

රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර ,ඊට සහභාගි වන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත .

ආණ්ඩුව සර්ව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැදවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානයක්කාර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.

රට තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර ,සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ බොරුවට බවද ඔහු සඳහන් කළේය .

රටම ආණ්ඩුවට බනින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැනුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය.

- Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න