මෙරට මතුව ඇති ඉන්ධන පෝලිම් අසලට යුදහමුදාව යොදවා ඇති පසුබිමේ ගෑස් පෝලිම් අසල තත්ත්වයන් පාලනය කිරීමට පොලිසිය කැඳවා ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත.
දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සීනිව්ස් වාර්තා කර ඇති එවැනි පුවතකද මේ බව සඳහන් වෙයි.
එම පුවත මෙසේය.
ගෑස් අලෙවිසැල් අසල ත්ත්වය පාලනය සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබේ.
රටපුරා මේ වන විට ගැස් හිගයක් ඇති වී තිබෙන අතර ජනතාව ගෑස් අලවිසැල් ඉදිරියේ දීර්ඝ පෝලිම්වල රැඳී සිටිති.
නමුත් ගෑස් සිලින්ඩර සැපහුම සිදුවන්නේ ඉල්ලුමට වඩා අඩුවෙන් වීම මත ඇතැම් ස්ථානවල යම් ගැටුම්කාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.
මෙම තත්වයන් පාලනයට හා ගැස් බෙදා හැරීම නිරීක්‍ෂණයට මෙසේ පොලිසිය යොදවා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
