සති දෙකෙන් පෝලිම් ඉවරයි කිව්වට : විදුලි කප්පාදුව පැය 6 ට ඇදෙයි !

සති දෙකෙන් පෝලිම් ඉවරයි කිව්වට : විදුලි කප්පාදුව පැය 6 ට ඇදෙයි !

ඉදිරි සති දෙක තුළ රට තුළ මතුව ඇති පෝලිම් යුගය අවසන් කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (22) පැවති ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ප්‍රතිඥාවක් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පෝලිම් අවසන් කරන බවට මුදල් අමාත්‍යවරයා පැවසුවත්, ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගැන ඔහු සඳහන් කර නොමැත.
 
කෙසේ වුවත් අද (23) වාර්තා වන්නේ මේ වන විට ක්‍රියාත්මක විදුලි කප්පාදුව පැය 6 ඉක්මවා සිදුවන තත්ත්වයක් මතුව ඇති බවය.
 
ඒ බව තහවුරු කරන්නේ ,හෙට (24) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන්  මහජන උපයෝගීතා කොමිසම සිදුකර ඇති නිවේදනයයි.
 
ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40 කි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න