Image

ගල් අඟුරු වංචාවට පැලවත්ත සම්බන්ධ ද...? Ideas front වීඩියෝවක්

ගල් අඟුරු වංචාවට පැලවත්ත සම්බන්ධ ද...? Ideas front වීඩියෝවක්

වත්මනෙහි පවතින ආන්දෝලනාත්මක ගැටලුවක් වෙන ගල් අඟුරු ගැටලුවේ දී පැලවත්ත හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් සොරකම් හෝ වංචා කර නැතැයි වගකීමෙන් පවසන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඒසේ වුව ද එහි දී වංචාවක් සිදුව ඇති බවත්, කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මුදල් සෙරකම් හෝ වංචා කර ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ රටවල ආණ්ඩු බලය කවුරු ලබා ගත්ත ද එම ආණ්ඩු පාලනය කරන්නේ වෙනත් ආයතනගත පද්ධතියකින් බවයි. මෙම පද්ධතිය විශේෂයෙන් ම ආණ්ඩු පාලනය කිරීම පිණිස මුදල් සහ ස්ත්‍රීන් භාවිත කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න