නුදුරේදීම ආණ්ඩුවේ 113 න නැති කරනවා : විමල් ගේම ඉල්ලයි !

නුදුරේදීම ආණ්ඩුවේ 113 න නැති කරනවා : විමල් ගේම ඉල්ලයි !

නුදරු දිනකදීම ආණ්ඩුවට 113ක බහුතරය අහිමි කරවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ අභියෝග කර සිටියි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉකුත්දා නිකුත් කරන ලද ” රට හරි මගට යෝජනාවලිය ද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

මුදල් ඇමැතිවරයා උද්දච්ජ ලෙස කටයුතු කරන බවත්, 113ක බහුතරය අහිමි කොට මෙම උද්දච්ජ ආණ්ඩුව ගෙදර යවන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මල්වතු නායක හිමියන්ට කියූ ටික !

මේ අතර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානාහිමියන් හමුවී ප්‍රකාශ කර සිටියේ "රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ.‘" යනුවෙනි.

එසේම " රට තුළ ඉතා භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ දිය නොහැකියි. ඒ නිසා බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ එහෙම කරද්දී අප ආණ්ඩුවෙන් එළියට දැම්මා " යැයිද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න