අවශ්‍ය බලතල දුන්නොත් : මහජන උද්ඝෝෂණවලට පූජාව සූදානම් ! පොලිස් ඇමති

අවශ්‍ය බලතල දුන්නොත් : මහජන උද්ඝෝෂණවලට පූජාව සූදානම් ! පොලිස් ඇමති

අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ය.

තමන් එලෙස ක්‍රියා කරන්නේ මහජන උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම් හේතුවෙන් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉඩ ලබානොදෙන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

(මූලාශ්‍රය neth news )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.