ඩොලරය 400ට යාවි : ජනතාව පීඩාවට පත්වේවි - පොහොට්ටු මන්ත්‍රී

ඩොලරය 400ට යාවි : ජනතාව පීඩාවට පත්වේවි - පොහොට්ටු මන්ත්‍රී

විනිමය අනුපාත පාලනයකින් තොරව පැවතුනහොත් මැයි ජුනි මාස වනවිට ඇමරිකානු ඩොලරයක් රුපියල් 400 ය සීමාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී අද (24) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර අද වන විට ඩොලරය පාලනය අත හැරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 300 මට්ටමකට ඉහළ ගොස් ඇති බවත් පැවසීය.

මෙම තත්ත්වය මත ඉදිරි කාල සීමාවේදී ජනතාවට දරාගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බව ද පැවසූ ඔහු තමන්ගේ ඇස්තමේන්තුව නම් ජූනි මාසය පමණ වන විට ඩොලරය රුපියල් 400 මට්ටමට යනු ඇති බව ද පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න