Language Switcher

V2025

බැසිල්ගේ හැසිරීම දැක්කාම : ගම්මන්පිලට කෝසම් සුල්තානා මතක් වෙලා !

බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

මහද්විප තුනක් පුරා පැතිරුණු දැවැන්ත ඔටෝමාන් අධිරාජ්‍යයේ 17වන සියවසේ සිටි අහ්මත් සුල්තාන්ගේ සුරූපි බිරිඳ තමයි කෝසම් සුල්තානා. අධිරජුගේ පිටුපස සිට රට පාලනය කලේ කෝසම්. ඔහු මිය ගියාට පස්සේ සිය පුතු මුරාද් සිහසුනේ තබාගෙන ඇය රට පාලනය කලා. මවගේ ඇඟිලි ගැසීම් වලට මුරාද් විරුද්ධ වුණාම ඔහු මරා දමා බාල පුතු ඊබ්‍රහිම් රජ පුටුවේ තබා රූකඩ නැටවීම ඉදිරියට ගෙන ගියා. අවසානයේ සිය මවගේ රූකඩ නැටවීමට ඊබ්‍රහිම් විරුද්ධ වුණාම සිය පුතු මරා දමා සිය මුණුබුරු මෙහෙමද් රජ කිරීමට කෝසම් කටයුතු කළා. ඒදා තුර්කියේ කවුරුන් රජ වුණත් රට පාලනය කරන්නේ කෝසම් වගේ ලංකාවේ මොන රාජපක්ෂ රජ වුණත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල්.

ද්විත්ව පුරවැසියන්ට තනතුරු අහිමි කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් !

බැසිල් රාජපක්ෂ මහතාමහතා රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමති ධූරය ලැබුණු එක විතරයි. මුදල් ඇමතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද? ජේ ආර් ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ එන් චොක්සි ද? සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කලේ මංගල සමරවීර ද? නෑ. අද බැසිල් රාජපක්ෂ මහතාමහතා රට පාලනය කරන්නේ 20 වන සංශෝධනය හරහා පත් වූ මුදල් ඇමති විධියට නොවේ. පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විධියටයි ඔහු අදරට පාලනය කරමින් සිටින්නේ. හරියටම කියනවනම් රට විනාශ කරමින් සිටින්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත්19 වන සංශෝධනයේ හිලකින් රිංගලා. 19 වන සංශෝධනය යටපත් කරගෙන 20 වන සංශෝධනය නාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආකාරයෙන්ම රට පාලනය කරණවා. ඒසේ නම් 19 වන සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතුයි.

මේ අර්බූදයට විසඳුම විධියට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර, ජනාධිපති ධූරය පමණක් නොවේ රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට කිසිම මහජන නියෝජිත තනතුරක්, ආණ්ඩුවේ තනතුරක් වගේම අධිකරණයේ විනිසුරු තනතුරක් ද දරන්න බැරි වෙනවා.