ඊළඟ මුදල් ඇමති බන්දුල : කොච්චර කාලයකටද ?

ඊළඟ මුදල් ඇමති බන්දුල : කොච්චර කාලයකටද ?

දිවුරුම් දී පැය 24ක් ඉක්මයන්න පෙර මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ අලිසබ්‍රි ට පසුව එම ධූරය සඳහා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත.

බන්දුල ගුණවර්ධන මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

කෙසේ වුවත් විරෝධතාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කරමින් සිටින්නේ අභිනව අමාත්‍ය මණ්ඩලය සඳහා පැවති කැබිනට් මණ්ඩලයේ කිසිවෙකු නොසිටිය යුතු බවය.

එසේම කිසිම රාජපක්ෂවරයෙක් එහි නොසිටිය යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න