බේගල් කැම්පේන් කළ තිස්ස : සමාව අයැදියි !

බේගල් කැම්පේන් කළ තිස්ස : සමාව අයැදියි !

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මෙසේ සමාව අයැද ඇති අතර වත්මන් අභාග්‍යසම්පන්න පාලනයට රැවටෙමෙන් එයට සහය දුන් බැවින් මෙසේ සමාව ගන්නා බව එහිදී සඳහන් කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ MCC ගිවිසුම යටතේ මෙරටට ඩොලර් මිලියන 400 කට ආසන්න ප්‍රදානයක් ලැබීමට නියමිත වූ අවස්ථාවේ ඊට එරෙහිව සිය සිසුන් මෙන්ම සමාජ මාධ්‍ය හරහා ඊට දැක්වූ විරෝධය හේතුවෙන් ඔහු අවධානය දිනා ගත්තෙකි.

එහිදී MCC ගිවිසුම අත්සන් කළහොත් රට බෙදී යන ආකාරයට ඇමරිකානු ආර්ථික කොරිඩෝවක් ඉදිවන බවත් ඒ හරහා වීසා ගෙන යන්න එන්න සිදුවිය හැකි බවටත් මහා බේගලයක් ඔහු සමාජ ගත කළේය.

කෙසේ වුවත් තීරණාත්මක අවස්ථාවක පරපුරක් නොමග යැවූ සිය බේගල් ගැන සමාව ගැනීම වැදගත් බව විචාරකයන් පවසයි.

පහත දැක්වෙන්නේ ඔහු සමාව ඉල්ලා සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනයි.

image a1b72a44e9

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න