අන්තර්වාර ආණ්ඩුව වෙනුවෙන් : සජිත් - විමල්ලා සාකච්ඡා !

අන්තර්වාර ආණ්ඩුව වෙනුවෙන් : සජිත් - විමල්ලා සාකච්ඡා !

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ආණ්ඩුවේ විමල් වීරවංශ ප්‍රමුඛ සෙසු පක්ෂ 11 පාර්ශ්වය අතර සාකච්ඡාවක් ආරම්භවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මේ වන විට තීරණය වී ඇත්තේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකී ධුරයෙ සිටින අතර විපක්ෂය නියෝජනය කරන පාර්ශ්ව එක්කර ගනිමින් භාරකාර ආණ්ඩුව පිහිටුවීමට ය.

අද (05) පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතියකින් විධායක ජනාධිපති බලතල කප්පාදු කර පාර්ලිමේන්තුව වෙත බලය අත්පත් කරගන්න යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ , මේ මූලික එකඟතාවක් අනුව බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ඇති පාර්ශ්ව වල සහය ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

ඒ අනුව මේ පාර්ශ්වයන්ගේ සූදානම ඉදිරි දින කිහිපය ඇතුළත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අන්තර්වාර ආණ්ඩුවක් බිහිකර රටේ දේශපාලන ස්ථායිතාවක් ඇතිකර ගැනීම බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න