මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිප 14 : ජනාධිපති සමග සාකච්ඡාවක !

මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිප 14 : ජනාධිපති සමග සාකච්ඡාවක !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලීමක් අනුව ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා හමුව ඇත.

වාර්තා වන ආකාරයට මෙහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමේ තීන්දුව සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වර්තමාන තත්ත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව පිළිනොගන්නා නිසා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරනය කළ බවත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම තම තීරණයෙ කිසිදු වෙනසක් සිදු නොකරන බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව දිරියේ දී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහිදී අවධාරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

තවද මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන රංජිත් සියඹලාපිටිය ය. පක්ෂය ස්වාධීන වීම සඳහා ගනුලැබූ තීන්දුව සමග ඔහුද ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යොමුකර ඇතත් එය මෙතෙක් ජනාධිපති පිළිගෙන නැති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න