හෙට, ගුරු – විදුහල්පතිවරු දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් !

හෙට, ගුරු – විදුහල්පතිවරු දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් !

හෙට (25) දිනයේදී දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගි වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  සඳහන් කළේ ය.

කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න