මහින්ද ගෝඨාභයගේ තටු කැපීමේ සූදානමක !

මහින්ද ගෝඨාභයගේ තටු කැපීමේ සූදානමක !

ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර ඒවා අගමැති සතු කරගන්නා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අගමැති මහින්ද රාජපක්ෂ විසින් මේ යෝජනා ගෙන එන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීමට අදාල යෝජනා ලෙසය.

මෙම යෝජනා සමගි ජන බල‍වේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රි කණ්ඩායම විසින් 21 වන සංශෝධනය සකස් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදි කතානායකවරයා වෙත භාර දුන් යෝජනා බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය මේ යෝජනා සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්නත් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා වෙමින් පවතී.

පසුගියදා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ ඊට සහභාගීවී නොතිබීම ගැනත් දේශපාලන ක්ශේත්‍රයේ විවිධ කතා පළවිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න