පොලිසියෙන් උල්කටු සහිත මාර්ග බාධක !

පොලිසියෙන් උල්කටු සහිත මාර්ග බාධක !

උද්ඝෝෂකයින් මර්දනය කිරීමට පොලිසිය අද (24) උල්කටු සහිත මාර්ග බාධක යෙදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ අදාළ උල්කටු සහිත මාර්ග බාධක ඉටිකොළ වැනි තුනී ඇතිරිලි වලින් ආවරණය කර තිබීමය.

ඒ අනුව එකවර මේ මාර්ග බාධා වල ඇත්තේ උල්කටු බව නොපෙනෙයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ සාමාන්‍ය නිරායුද උද්ඝෝෂණකරුවන් පාලනය සඳහා මෙවැනි මිලේච්ජ උපක්‍රමයක් යෙදීමයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සහ වෘත්තීය සංවිධාන කිහිපයක් මේ වන විට ගෝල්ෆේස් ආශ්‍රිතව දියත්කර ඇති තරුණ පොදුජන අරගලයට සහය දීමට අද විරෝධතා පාගමන් සූදානම් කර තිබේ.

පොලිසිය අන්තරේ පිරිසට එරෙහිව වාරණ නියෝගයක් ගෙන කිසිවෙකුට යාමට නොහැකි ආකාරයට මාර්ග බාධක යොදාගෙන ගෝල්ෆේස් අරගල බිම ආශ්‍රිත ප්‍රදේශය වසාගෙන ඇත.

2022.4.24.13h42m53s

278744459 1678504735829306 4222790805748924466 n

278822218 516715453362967 4061295078701583331 n

278828295 5230179323671063 3584591492349602735 n

278895421 516715403362972 8978354457558444183 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න