අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය පියවීමට : අගමැතිගෙන් විශේෂ කමිටුවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය පියවීමට  : අගමැතිගෙන්  විශේෂ කමිටුවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් පියවා ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ කමිටුවක් පත් කර ඇත.

එහි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර ඇත.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පවරා ඇත.

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්ට පවරා ඇත්තේ , පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායකට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමය.

මෙම කමිටුව විසින් අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ලබා ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග පවසයි.

මෙය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ පසුව පත්කළ පළමු කමිටුව වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න