මෙරට තුළ පසුගිය දින වල දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ එහිදී හමුදාව මැදිහත් කිරීමේ අඩුපාඩු සොයා බැලීම වෙනුවෙන් හිටපු හමුදාපතිවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇත.
අදාළ කමිටුවේ සභාපති ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ පත්කර ඇත.
එහි අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වන්නේ හිටපු යුද හමුදාපතිවරයෙකු වන දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක ය.
වාර්තා වන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ආසන්නයේ ඇතිවූ කලහකාරි සිදුවීම ඇතුළුව ඉන් පසුව ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් එම කමිටුව විසින් සොයා බැලීමට නියමිතය.
හෙට දිනයේ සිට සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කරුණු විමසීමට මෙම කමිටුව කටයුතු කරන බවත් දැනගන්නට ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
