පොහොට්ටු ඇමතිලාට ඇතුලෙන් අවුලක් !

පොහොට්ටු ඇමතිලාට ඇතුලෙන් අවුලක් !

පොහොට්ටුව නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලය සඳහා පත්කරන ලද ඇතැම් අමාත්‍යවරුන්ට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බරපතළ විරෝධයක් එල්ල වී ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ ඇතිකළ අස්ථාවරභාවය සමනය කිරීම සඳහා එම සංශෝධනය අහෝසි කිරීම බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තම පක්ෂයට ඉහළ ජනවරමක් ලැබුණේ එම ප්‍රතිඥාව ඇතුළු පොරොන්දු ඉටුකිරීමට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

 එසේ තිබියදී නැවතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමාන 21 වැනි සංශෝධනය රජය විසින් ඉදිරිපත් කොට 2019 සහ 2020 ජනවරමින් පත්වූ මන්ත්‍රීන්ගෙන් ඊට සහාය ඉල්ලා සිටින බවද එම නිසා 21 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුවක් ගැනීමට පෙර ඒ ගැන පුළුල් අධ්‍යයනයක් සහ සමාලෝචනයක් කළ යුතුව තිබෙන අතර කෙසේ වෙතත් තම පක්ෂය විධායක ජනාධිපති ධූරයේ බලතලවලින් කොටසක් මැතිසබයට පැවරීම ගැන විරැද්ධ නොවන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

-Deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න