සපුගස්කන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් !

සපුගස්කන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් !

දින 15 කට වරක් බොරතෙල් නෞකාවක් ගෙනෙමින් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට වැඩපිළිවෙළක් සකස්කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි .

සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිට පිරිපහදු කටයුතු සක්‍රීය කර ඇති අතර එහි ඉන්ධන නිෂ්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

මේ අතර ඉන්ධන බෙදා හැරිම අඛණ්ඩව සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ වන විටත් දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දැකගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ විවිධ පාර්ශ්ව විසින් අනවශ්‍ය ආකාරයට ඉන්ධන තොග රැස් කිරීමට පෙළඹ ඇති නිසා මේ ආකාරයට පෝලිම් ඇතිව තිබෙන බවය.

ඇතැම් ඉන්ධන තොග රැස්කරන පිරිස් වැඩි මිලට ඒවා විකිණීමේ මාෆියාවක් දියත්කර ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

එවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් දියත්කර ඇති බවත් ඒ වෙනුවෙන් වන වැටලීම් ඉදිරියට වැඩි කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න