20 අත ඉස්සූ දයාසිරිට කර්මය සිහිවෙලා !

20 අත ඉස්සූ දයාසිරිට කර්මය සිහිවෙලා !

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සිදුවීම තමන් කළ එක ම කරුමය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 21 වන සංශෝධනයට විරුද්ධව යම් පිරිසක් ක්‍රියාත්මක වන බව ය.

එය පරාජය කිරීම සඳහා ක්‍රියා කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

“මම 18ට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කරපු එක ම කරුමේ තමා 20ට ඡන්දය දෙන්න ලැබීම. 21 නොකරන්න විශාල ජනමතයකුත් පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂය ඇතුළේ, සමහර අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත මේ වැඩපිළිවෙළක් යනවා අපි ඒකට විරුද්ධ විය යුතු යි. මම මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලන්න කැමති යි ඡන්දය විමසන දවසට කරුණාකරලා හැමෝම තමන්ගේ ආසනයේ ඡන්දය දුන්න මන්ත්‍රීවරයාගේ ගේ ගාවට පොඩ්ඩක් එකතු වෙන්න. එකතු වෙලා කියන්න තියෙන ටික කියන්න මේකට ඡන්දේ දෙන්න කියලා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න