අධිකරණ ඇමති : ඇමරිකානු තානාපතිනිය සහ නවසීලන්ත මහකොමසාරිස් හමුවෙයි !

අධිකරණ ඇමති : ඇමරිකානු තානාපතිනිය සහ නවසීලන්ත මහකොමසාරිස් හමුවෙයි !

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා වන මයිකල් ඇපල්ටන් (Michael Appleton ) මහතා අතර හමුවක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් (Julie Chung) ද හමුවිය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යතුමා විසින් මහ කොමසාරිස්වරයා සහ තානාපතිනියන් වෙත දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව එම රටවල් අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කල අමාත්‍යතුමා එම රජයන් විසින් ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බව ද අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවන් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණෟඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා ද එක්විය.

WhatsApp Image 2022 06 02 at 4.34.31 PM

wijedasa newseland 1000px

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න