හර්ෂ, යළිත් සුවසැරියට  පණ දෙයි !

හර්ෂ, යළිත් සුවසැරියට  පණ දෙයි !

පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම දැඩි අසීරුතාවයකට පත්වී තිබීම නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අද (03) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සිදුකළ අතර මෙම අවස්ථාවට 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා , සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක , සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී, අදහස් දක්වමින් 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.

"පවතින ආර්ථික අර්බුදය නිසා සුවසැරිය පවත්වාගෙන යාම ඉතාමත් අපහසු වී තිබෙනවා. අපි අමාරුවෙන් ආරම්භ කරපු මේ ජනතාවාදී සේවාව නතර කරන්න දෙන්න බෑ. ඒ නිසා, මම සුවසැරියට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාර දැක්වීම ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. සුවසැරිය ආරම්භ කිරීමට සහයෝගය දුන්නෙත් ඉන්දියාව. මීට අමතරව, සුවසැරියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස මා පසුගියදා කෝප් කමිටුවේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. එයටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න