මෛත්‍රීගේ තීරණය දන්වන්න මලික් කැඳවයි

මෛත්‍රීගේ තීරණය දන්වන්න මලික් කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට අදාළ ජනාධිපතිගේ තීරණය දැනුම්දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවීර ඇතුළු ජේෂ්ට එජාප නායකයින් කිහිපදෙනෙකු කැඳවා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාල විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ලෙස අද (02) පස්වරුවේ මෙම කැඳවීම සිදුකිරීමට නියමිතව ඇත.

ජනාධිපතිගේ තීන්දුව විවෘතව තැබීමේ වැඩි ඉඩක්

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයාගේ මීම තීරණය බොහෝ විට විවෘත තීන්දුවක් වනු ඇති බවය. එනම් බොහෝ දුරට ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ස්වාධීන තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා දැනුම්දෙනු ඇති බවය.

ඊට හේතුවී ඇත්තේ විශ්වාසභංග යෝජනාව පදනම් කරගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් ඉදිරිපත්ව තිබීමත් ඒ පිරිස් එක මතයකට ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබීමත් බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න