විශ්වාසභංගයේ සහය කාටද? : උතුරේ තීන්දුව මෙන්න

විශ්වාසභංගයේ සහය කාටද? : උතුරේ තීන්දුව මෙන්න

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂ වුවත් විරුද්ධ වුවත් ඒ කොයි පාර්ශවයකට සහය දුන්නත් ද්‍රවිඩ සන්ධානය එය කල යුත්තේ ලිඛිත අවබෝධතා ගිවිසුමකට අනුව බව උතුරු පළාත් ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර තමන් එසේ යෝජනා කරන්නේ ද්‍රවිඩ සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු බවට වන විශ්වාසයෙන් යුතුව බවත් ඔහු සඳහන් කර සිටියි.

විශ්වාසභංග යෝජනාව ගැන කතාකරන නායකයන් බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ ඔවුන්ගේ පෞද්ගලික මතය මිස ජනතාවගේ අදහස නොවන බවත් එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකළ විට තමන් සඳහන් කරන කාරණය තේරුම්ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එසේම මේ වන විට වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් එහෙයින් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් සදහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න