Language Switcher

V2025

රටට ඩොලර් ගේන්න ගිවිසුමක් !

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන අද (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි විය . එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද එම අඅවස්ථාව සඳහා එක්ව සිටියේය .

රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන්නේය .

මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි .