විශ්වාසභංගයදා "ඇබ්සන්ට්" මන්ත්‍රීලා වැඩිවන ලකුණු ! : තොණ්ඩා - මුත්තු දැනටමත් ඇබ්සන්ට්

විශ්වාසභංගයදා "ඇබ්සන්ට්" මන්ත්‍රීලා වැඩිවන ලකුණු ! : තොණ්ඩා - මුත්තු දැනටමත් ඇබ්සන්ට්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ විවාදය සහ ජන්ද විමසීම සිදුකරන අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුව නියෝජනය කරන සැළකිය යුතු මන්ත්‍රී පිරිසක් එදින පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තොණ්ඩා - මුත්තු පාර්ලිමේන්තුව වර්ජනයක

ඒ අතුරින් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් මන්ත්‍රීවරයා අප්‍රේල් 4 වනදා තමන් පාර්ලිමේන්තු නොයන බවත් විශ්වාසභංගය ජයගත්තත් පරාජය වුවත් එය තම පක්ෂයට හෝ තමන් නියෝජනය කරන ජනතාවට සෙතක් වන්නක් නොවන බව සඳහන් කරමින් සිය සමීපතමයින්ට දන්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ද අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සුදානම්ව සිටින බව වාර්තා වෙයි.

මේ පිළිබඳ තොරතුරු සපයන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පාර්ශව කිසිවෙක් අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තු නොපැමිණීමට තීන්දු කර තිබෙන බවය.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ තම පාර්ශවය මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව තීන්දුවක් ගෙන නොමැති බවය. එසේම කඳුකර ජනතාවට මේ හරහා කිසිඳු සහනයක් නොලැබෙන බැවින් ඒ ගැන තම පාර්ශවය උනන්දු නොවන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තු වර්ජනයක් සම්බන්ධව තමන් නොදැනුවත් බවද ඔහු සඳහන් කරයි.

මේ අතර එසත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ සුදානමක් තිබෙන බවත් වාර්තා වෙයි.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න