කලවානේදී සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් නොහොත් සර්පයා නිදොස් කොට නිදහස් කර තිබේ .
දීර්ඝ කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අද (20)දිනයේදීය.
අදාළ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ලබාදී ඇත .
සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිටි රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයාට 1999 වසරේදී වෙඩිතබා ඝාතනය කර වාහනයද සමඟ ගිනි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා ගොනුකර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
