වව්නියාවේ ආඬියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි .
පොලිස් ආරංචි මාර්ග අනුව එම ඉන්ධන පිරවුම් හලේ ඇති වූ ගැටුමකින් පසුව එක් අයෙකු කඩුවක් ගෙන පෝලිමේ සිටි පිරිසක් කපා දැමීම නිසා මෙම පිරිස තුවාල ලබා ඇත.
තුවාලකරුවන් පස් දෙනාගෙන් එක් අයකු බරපතළ තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙයි.
ඉන්ධන පෝලිමේ සිටියදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
