ඉන්දීය අදානි සමාගමේ දේශීය නියෝජිතයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂදැයි බරපතළ සැකයක් මතුව ඇති බව කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩුගේ රහස් ලිපියකින් එවැනි සැකයක් මතුවන බවත් ඔහු පැවසූ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
”ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකටද? ” යනුවෙන් ද එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ය.
කෝප් කමිටුව ඇතුළේ හිටපු විදුලිබල සභාපති හෙලිදරව් කළ සියලු කරුණු ඇතුළත් වීඩියෝව සගවා තබා ගත නොහැකි බවත්, එය ජනතාවගේ දැනගැනීම පිණිස මාධ්‍යයට ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එහිදී වැඩිදුරටත් පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
